(අනීෂා මානගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - බෙලිඅත්ත කොටසේ ඉදිකිරීම් අවසන් නොකර විවෘත කිරීමට සූදානම් වීම හේතුවෙන් අද (12) බෙලිඅත්තේදි දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක් පැවැත්විණි.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා, ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් මෙම විරෝධතාවට එක්වූහ.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ මාතර - බෙලිඅත්ත කොටස විවෘත කිරීම තාවකාලිකව නැවැතිණි.
බෙලිඅත්ත ප්‍රදේශයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට පිවිසෙන පිවිසුම් දොරටුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ විරෝධතාකරුවෝ බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කළහ. ඔවුහු දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සඳහා පැමිණෙන කිසිදු වාහනයකට ගමන් කිරීමට ද ඉඩ ලබා නොදුන්හ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලෝෆර් ෂරීෆ් මහතා විරෝධතාව පැවැති ස්ථානයට පැමිණි අතර විරෝධතාකරුවන් සමඟ සුහදව සාකච්ඡා කළේය. ඒ මහතා පොරොන්දු වූයේ ඉදිකිරීම් අවසන් කිරීමකින් තොරව, මැතිවරණයට පෙර කිසිසේත්ම අධිවේගි මාර්ගය විවෘත නොකරන බවයි.
ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගේ පොරොන්දුව මත එම පිරිස විරෝධතාව නතර කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd