අනීෂා මානගේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටි චීන ජාතිකයකු එම වැඩබිමෙහි කම්කරු නිවාසයක් තුළ මිය ගොස් සිටියදී හමුව ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි චීන ජාතිකයෙකි. මෙම පුද්ගලයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන වීරකැටිය, බැදිගම, මල්බෙරිය වැඩපලෙහි කම්කරුවකු ලෙස සේවයේ නිරතව සිටි අයෙකි.
මිය ගොස් ඇති විදේශීය ජාතිකයා වැඩබිමට අයත් කම්කරු නිවාසයක් තුළ ඊයේ (15) රාත්‍රී නින්දට ගොස් තිබේ.
අද (16) පෙරවරු කාලයේදී සේවයට වාර්තා නොකිරිම නිසා ඔහු පිළිබදව සොයා බැලූ අනෙකුත් සේවකයින්ට මෙම පුද්ගලයා නිදන ඇදෙහිම මිය ගොස් සිටියදී හමුව තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩබිමෙහි සේවකයින් විසින් වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් දැනුම්වත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd