(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 22 පැල්පොල ප්‍රදේශයේ දී අද (29) අලුයම මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි.
කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් හා රැකියාවට යමින් සිටි පුද්ගලයකු රැගත් මෝටර් රථයක් මෙසේ එකිනෙක ගැටී ඇත.
රියදුරන් දෙදෙනාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථ දෙකට මෙන්ම අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද අලාභ හානි සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd