ශ්‍රී ලංකාවේ දකුණු කොටසේ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති වීමේ අවධානමක් පවතී. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (29) දහවල් 12.12 කන්දවලල් , නල්ලුර් සහ පලයිතිවූ යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/08/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
24 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
34 |
26 |
85 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
26 |
90 |
70 |
තැනින් තැන වැසි. |
|
ගාල්ල |
29 |
25 |
90 |
75 |
තැනින් තැන වැසි. |
|
යාපනය |
32 |
27 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
21 |
95 |
65 |
තැනින් තැන වැසි. |
|
නුවරඑළිය |
19 |
13 |
95 |
80 |
තැනින් තැන වැසි. |
|
රත්නපුරය |
30 |
24 |
95 |
75 |
තැනින් තැන වැසි. |
|
ත්‍රීකුණාමළය |
35 |
26 |
80 |
45 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
27 |
85 |
70 |
වැසි. |
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දකුණු මුහුදු ප්‍රදේශයවලට තද වැසි‘