(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ප්‍රගති ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සහ ජාතික අධ්‍යාපන සේවක සංගමය යන ගුරු වෘත්තීය සමිතිවලට අයත් ගුරුවරුන් අද (05) සවස 1.30 ට සිය සේවා කටයුතුවලින් බැහැරවීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල් ගමගේ මහතා පැවසීය.
දකුණු පළාත් සභා පාසැල්වල ඉගැන්වීමේ සේවා කාලය ජූලි මාසයේ 1වැනිදා සිට 15වැනිදා දක්වා පස්වරු 1.30 සිට 2.30 තෙක් පැයකින් දීර්ඝ කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකොන් මහතා දී ඇති නියෝගයට විරෝධය දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි ඒ මහතා කීය.
ඒ අනුව අද (05) දා අතිරික්ත සේවා දීර්ඝ කිරීම අනුව පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු නොකර පස්වරු 1.30 ට ඔවුන් සේවා කටයුතුවලින් ඉවත්ව යාමට නියමිතය.
මෙම ක්‍රියාමාර්ගය පාසැල් දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දකුණේ ගුරුවරු වැඩිපුර පැය වැඩ කිරීමට බැහැ කියති