ලෝක ආර්ථික සංසදය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ගෝලීය මානව ප්‍රාග්ධන දර්ශකයේ 50 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.
මෙම වාර්ෂිකව වාර්තාව පෙරේදා (28) ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකාව 50 වැනි ස්ථානය දිනා ගෙන ඇත්තේ රටවල් 130ක් අතරිනි. එම දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ මුල් තැන හිමි ව ඇත්තේ ද ශ්‍රී ලංකාවටය.
ඉන්දියාවට 105 වැනි ස්ථානයත්, පාකිස්තානයට 118 වැනි ස්ථානයත්, භූතානයට 91 වැනි ස්ථානයත්, බංගලාදේශයට 104 වැනි ස්ථානයත් හිමි ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd