බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කළ පසුගිය ජනවාරි 26 වැනිදා හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් හිමිවරුන් පස් නමකට හා කාන්තාවන් දෙදෙනකුට ඇප ලබාදීමට අද(21) හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
නඩුවට අදාළ කිසිදු ප්‍රකාශයක් මාධ්‍යවලට ලබානොදිය යුතු බවට හා සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතු බවට කොන්දේසිද පැනවිණි.
රිමාන්ඩ් භාරයේ සිටි කිරම දේමින්ද, බියගම සුසීම, පිටිගල ධම්මවිනීත, මදුනාගල ධම්මසිරි, බෙරගල සුමන යන හිමිවරු ද චාන්දනී කුලරත්න හා රේණුකා සංජීවනී යන දෙදෙනාද එසේ ඇප මත නිදහස් කැරිණි.
වැඩිදුර විභාගය මාර්තු 29 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා තිබ්බේ සද්දේ නැහැ වගේ.(ම)