රජරට ප්‍රදේශයේ වැසියන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරමින් රිවර්ස් ඔස්මොසිස් තාක්ෂණයෙන් යුතු ජල පිරිපහදු ඒකක පිහිටුවීමේ හා දුෂ්කර පාසල් සඳහා නළ ළිං සහ ජල ටැංකි ලබාදීමේ ‘පිවිතුරු පැන් පූජා‘ පුණ්‍ය ව්‍යාපෘතිය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පයක් අනුව මහමෙව්නාව භාවනා අසපුම මගින් පසුගියදා ක්‍රියාත්මක කැරිණි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අධ්‍යනාංශය මගින් පර්යේෂණාත්මක සහ තාක්ෂණික සහයෝගය ඊට හිමිවිය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහායෙන් පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ සිව්වැනි අදියර පදවිය 18 කණුව ඉසිපතනාරාම විහාරස්ථානයේදී සෙත් පිරිත් සජ්ඣායනා මැද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විවෘත කළේය.
ඒ යටතේ කුරුණෑගල, අනුරාධපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පොල්පිතිගම, පදවිය 18 කණුව, රුවන්පුර අලුත් ගම්මානය, බුද්ධංගල සහ ලස්සනගම ගම්මානවල රුපියල් ලක්ෂ 75ක වියදමින් ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණනින් මුදල් විනාශ කරමින් විසූක දස්සන පෙන්වන රටක, මෙය කොතරම් අඩු මුදලකින් කළහැකි, නමුත් මිල කළනොහැකි, පින්කමක්ද? මෙයට දායක වූ සැමට පින් සිදුවේවා! පිරිසිදු ජලය මඟින් ජනතාවගේ ජීවිත බේරාගන්නට හැකිවේවා! (නි)