අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එහි  බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයින සහ ඒ අවට සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට එය මිලී මීටර් 100 ට වඩා  ඇතිවීමට ඉඩ ඇත. කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.