(පුෂ්පකුමාර ජයරත්න)
පසුගිය දිනවල රට තුළ සිදුවූ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කුරුණෑගල අළකොලදෙණිය ප්‍රදේශයේ තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ අළකොලදෙණියේ පදිංචි 72 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සමඟ එම ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතුවලට සහායදීමේ චෝදනා යටතේ රිදීගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි උප විදුහල්පතිවරයෙකු සහ නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් මාසයකට අධික කාලයක් අත්අඩංගුවේ පසුවූ බැවින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉල්ලා සිටියද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇප ලබාදීමට විරෝධය පළ කළහ.
එම විරෝධය පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රස්ත කටයුතුවලට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් රිමාන්ඩ්