(රංජිත් රාජපක්‍ෂ )
බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලේ සිට දික්ඔය මුලික රෝහල දක්වා රෝගියෙකු ගෙන ගිය ගිලන් රථයක් පිටුපස හඹාගිය ති‍්‍රරෝද රථයක් පෙරැලී එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් තුවාල රෝහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි.
අද (25) පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජොන් ඩිලරි ප‍්‍රදේශයේදිය.
බගවන්තලාව රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබු රෝගියෙකු දික්ඔයමුලික රෝහලට ගිලන් රථයකින් මාරුකර යවා ඇති අතරඑම රෝගියා බැලිමට ගිලන් රථය පිටුපසින් අධික වේගයෙන් පැමිණි ති‍්‍රරෝද රිය අනතුරට ලක් වී ඇත.
තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ තත්ත්ව බරපතල නිසා ඔහු දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd