(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමුව පළාත් සභාව විසින් පළාතේ ත‍්‍රිරෝද රථ සේවය නියාමනය කිරිමට ත‍්‍රිරෝද රථ සේවා කාර්යාංශයක් පිහිටුවිමට අදාළ ප‍්‍රඥප්තිය සභාගත කිරිමට විරෝධය පා ත‍්‍රිරෝද රථ රියදුරෝ පිරිසක් අද (12) සබරගමු පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මෙම ප‍්‍රඥප්තියේ ත‍්‍රිරෝද රථ රියදුරන්ට සහ ත‍්‍රිරෝද රථ හිමියන්ට සැලසෙන යහපත පැහැදිලිව සඳහන්ව නොමැතිබව විරෝධතාකරුවෝ කියති. එමෙන්ම බලපත‍්‍ර ගාස්තු ගැනද අවිනිශ්චිතතාවක් පවතින බවත් ස්වයං රැකියාවක නිරත ත‍්‍රිරෝද රථ රියදුරන් නිල ඇඳුමකින් සැරසී සිටිමට අකමැති බවත් ඔවුහූ කියති.
ත‍්‍රිරෝද රථ සේවය පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියට අනුයුක්ත කිරිම ආදී කරුණු සම්බන්ධයෙන් දැඩි ලෙස අප‍්‍රසාදය පළකරන බව විරෝධතාකරුවෝ කීහ.
තම ඉල්ලිම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
ඒ අනුව සබරගමු පළාත් ප‍්‍රධාන ඇමති මහීපාල හේරත් මහතා විරෝධතාකරුවන් හමුවට ගොස් පැවසුවේ අද පැවැත්වෙන පළාත් සභා රැස්වීමේ දී මෙම ප‍්‍රඥප්තිය සාකච්ඡාවට නොගන්නා බවයි. එසේම එය සාකච්ඡාවට ගැනීමට පෙර මෙම විරෝධතාව දැක්වූ ත‍්‍රිරෝද රථ රියදුරු සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ලබාදෙන බව ද ඒ මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙනුත් කන්නයි යනෙනේ...
බලන්න ඕන මේකෙන් බහුතරයක් වන මහජනතාවට සැලසෙන යහපත් මොකක්ද කියලා
නියාමනය ත්‍රි රෝද විතරක් නොවේ දියුණුවන රටක හැම අංශයකටම අවශ්‍යයි, මේවා කරන්න බැරි අය මේ රස්සාවට එන්න එපා, වෙන එකක් හොයාගන්න, ත්‍රි රෝද රියදුරන්ට ඕන විදියට රට කරන්න බැහැ, එහෙම කරනවානම් උගත්කම්වලින් ඇති වැඩකුත් නැහැ