(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 6 කනුව ප්‍රදේශයේ අද (31) සිදුවූ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ස්පාඤඤ ජාතික කාන්තාවක් වන කුරේරා ජුබිස් ඇනා මරියා නැමති 36 හැවිරිදි කාන්තාවකි.
ඇගේ ස්පාඤඤ ජාතික පෙම්වතා සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත.
මෙම පෙම්වතුන් යුවල ත්‍රීරෝද රථයකින් කොළඹ සිට අනුරාධපුරයට ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ මෙම විදේශීය යුවල පමණක් ගමන් කර ඇති බවත් විදේශීය කාන්තාව ත්‍රී රෝද රථය ධාවනය කරමින් සිටියදී කිසියම් හේතුවක් නිසා හසුරුවා ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදේශීය කාන්තාව බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි.
අනතුරින් විදේශීය කාන්තාව අසාධ්‍යව තත්ත්වයේ සිටියදී ඒ අවට විශාල පිරිසක් එක් රැස් වී දුරකතන වලින් ඡායාරූප සහ විඩියෝ කරමින් සිට ඇතත් අසාධ්‍යව සිටි කාන්තාව පුත්තලම රෝහලට රැගෙන යාමට කිසිවකුත් ඉදිරිපත් වී නොමැති අතර තබ්බෝව ගම්මානයේ පදිංචි පුද්ගලයෙක් ඔවුන් ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයේ නන්වාගෙන ගොස් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
මරණයට පත් කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රථ අනතුරකින් විදේශීය කාන්තාවක් මරණයට