(ඩී.කේ.රත්න)
තණමල්විල උඩවලව ප්‍රධාන මාර්ගයේ සෙවනගල දහයෙ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රියක් අද (18) මුහුණට මුහුණලා ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
වැල්ලවාය බුදුරුවගල පදිංචි රත්නායක මුදියන්සේලාගේ සංජීවනී රත්නායක නැමති 27 හැවිරිදි කාන්තාවක් මෙම අනතුරින් මියගොස් තිබේ.
මෙම අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සෙවනගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රිරෝද - බස් රථ ගැටුමින් කාන්තාවක මරුට