IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රිරෝද - බස් රථ අනතුරින් කතක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
 
පන්නිපිටිය පොල්වත්ත හන්දියේදී ත්‍රිරෝද රථයක් සහ සුඛෝපබෝගී බස් රථයක් අද(12) ගැටී සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාව මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල හිදගොඩ පස්සර පාර පදිංචිව සිටි චංචලා ඉෂානි ගුණරත්න නමැති 30 හැවිරිදි අයයි.
 
මාතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ බස් රථය පන්නිපිටිය හරහා කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී තලංගොඩ දෙස සිට පන්නිපිටිය දෙසට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථය පෙරළී බස් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
 
තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.
 
අනතුරින් ත්‍රිරෝද රථයට ද බරපතල හානි සිදු වී තිබේ.
 
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
==========================



අදහස් (0)

ත්‍රිරෝද - බස් රථ අනතුරින් කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site