(සමන් කේ. ගමගේ)
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනමල්උයන ප්‍රදේශයේ පදිංචි ගොවියකු තම හේනේ බඩඉරිඟු වගාව ආරක්ෂා කිරීම සඳහා ගසක් උඩ පැළක් අටවමින් සිටිය දී බිමට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වනමල්උයන ප්‍රදේශයේ පදිංචි රංජිත් පද්මසිරි නැමැති දෙදරු පියෙකි.
මොහු තම බිරිඳ සමඟ ඊයේ (15) දින බඩඉරිඟු වගාව ආරක්ෂා කිරීම සඳහා උඩ පැලක් ඇටවීමේ අරමුණින් වනමල්උයන මීගැස්සෑගම පිහිටි හේන් යායට ගොස් තිබේ.
එහිදි එදින සවස 5 ට පමණ උඩපැල අටවමින් සිටිය දී මොහු එකවරම පොළොවට ඇද වැටී ඇත.
පසුව අවට හේන්වල සිටි ගොවි මහතුන්ගේ ද සහය ඇතිව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණ. මොහු ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තිරප්පනේ ගොවියෙක් හිටි හැටියේ මිය යයි