IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තුරන් කළ බරවා ගාල්ලෙන් මතුවේ

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස නම් කළත් මෙම වසරේ මුල් මාස හය ඇතුලත ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බරවා රෝගීන් 155න් 114ක්ම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බව  බරවා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දේවිකා මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.

ඇය මෙසේද පැවසුවාය. “පසුගිය ජූලි 21වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන්කරන ලද රටක් වශයෙන් නම් කළා. එසේ කරන ලද්දේ ලංකාවේ බරවා ව්‍යාප්ත වී ඇති දිසිත්‍රික්ක සියල්ලෙන්ම වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව අනුව ගනනය කරන ලද ක්ෂුද්‍ර පරපෝෂිතතාවය නම් වන නිර්ණායකය සියයට එකකට වඩා අඩු අගයකට ලඟා කර ගැනීම නිසා. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝග ව්‍යාප්තිය වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා වැඩියි. ලංකාවෙන් හමුවන බරවා රෝගීන්ගෙන් සියයට 50ක්ම හමුවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න අපි තීරණය කළා.“

ගාල්ල දිස්ත්‍රික්කයේ බරවා වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක් හඳුනාගෙන ඇති බව ඇය පවසන්නීය. ඒවා නම් අක්මීමන, අමිබලන්ගොඩ, බෝපෙ පෝද්දල, බලපිටිය, ගාල්ල කඩවත් සතර, ගෝනපිනුවල, හබරාදුව හික්කඩුව, ඉමදුව, ඉඳුරුව සහ රත්ගම වේ. මෙයින් වැඩිපුරම රෝගීන් වාර්තා වී ඇත්තේ බලපිටියෙනි. පසුගිය මාස හය ඇතුලත රෝගීන් 103දෙනකු බලපිටියෙන් වාර්තා වී ඇත.

වෛද්‍ය දේවිකා මහත්මිය පවසන්නේ එම කොට්ඨාශ 11හි සියලුම නිවෙස්වලට ගොස් බරවා පෙති ලබාදීමේ විශේෂ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (03 සහ 04) දිනදෙකෙහි ක්‍රියාත්මක කළ බවයි.  වැඩ සටහන සාර්තක වූ බවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සියයට සීයක්ම බරවා රෝගීන් තුරන් කිරීම ඔවුන්ගේ අරමුණ බවත් ඇය පවසන්නීය.

“මේ සඳහා මහජන සහයෝගය වැඩි වශයෙන් අවශ්‍යයි. බරවා පරපෝෂිතයන් සිරුරට ඇතුලු වූ පසු රෝග ලක්ෂණ පෙන්වීමට දිගුකාලයක් ගතවනවා. එම කාලය ඇතුලත ආසාදිතයාගේ සිරුරට දෂ්ඨ කරන මදුරුවන්ගෙන් රෝගය පැතිරීම සිදුවිය හැකි බැවින් මෙම රෝගයේ අවදානම් බව වැඩියි. මදුරුවන් දෂ්ඨ කිරීම හැකිතරම් වලක්වා ගැනීමත් පරිසරය පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්“ යැයි දේවිකා මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.

 



අදහස් (0)

තුරන් කළ බරවා ගාල්ලෙන් මතුවේ

කාන්ති Friday, 09 September 2016 05:30 AM

අනේ අනේ ... කාටවත් ගාල්ල ගැන වේදනාවක් නැතිව වගේ ඉන්නේ. (බ)

:       0       0

කාන්ති Thursday, 08 September 2016 09:37 AM

මීට කලකට පෙර ගාල්ලේ කුණු කාණු පවිත්‍ර කිරීමට සේවකයන් යොදා තිබුනා. නමුත් දැන් කාලයක සිට පිරිසිදු කරන්න එන්නේ පාරට පෙනෙන කාණු පමණි. බරවා රෝගය මතුවෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

කාන්ති Thursday, 08 September 2016 09:33 AM

ඇති දැන්වත් ගාල්ලේ පාලකයන්ට ඇස් ඇරුණොත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 556 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site