පාසල් නිවාඩු වාරය මිස මිස අද දරුවන්ට නිවාඩු පාඩුවේ සිටීමට කාලයක් නැතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යරවයා මේ බව පැවසුයේ ඇල්පිටිය බටුවන්හේන ප්‍රදේශයේ පෙර පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
සතියේ දිනවල පාසල් ගොස් සවස් වරුවේ උපකාරක පන්ති වෙත යන දරුවා,ඉරිදා දිනය හෝ පොහොය දිනයක් පැමිණෙන තුරු බලා සිටි කාලය අවසන් බවත් එම දිනයන් වලදී පවා උපකාරක පන්ති පැවැත්වෙන බැවින් දැන් ඒවාට සහභාගීවීම හැර විවේකයෙන් ගතකිරීමට ඔවුන්ට කාලයක් නොමැති බවත් හෙතෙම කීය.
කොතෙක් උපකාරක පන්ති වලට සහභාගී වුවද පාසල යනු ඒ සියල්ලට ඉහළින් තිබෙන්නක් බව පැවසූ අමාත්‍යවරයා ඕනෑම පුද්ගලයෙකුගේ සිහින ඉටුකරගන්නට හැකි හොඳම පාලම වන්නේ පාසල බව පැවසීය.
තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ දරුවන් අධ්‍යාපනය ලැබීමටම සීමා කරන බව පැවසූ ඔහු දරුවා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත්වීමට නම් අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද එකසේ වැදගත් වන බව කීය.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය පාසැල් අධ්‍යාපනයට පා තැබීමට යන මෙම දරුවන්ට කළ සුභපැතීමක් ලෙස හඳුන්වාදුන් අමාත්‍යවරයා දරුවන් සියලුදෙනා ගුණ ගරුක,නීති ගරුක පුරවැසියන් පිරිසක් බවට පත්වනු දැකීම තම එකම ප්‍රාර්ථනයයැයි පැවසීය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තරගකාරී අධ්‍යාපනයෙන් දරුවෝ අමාරුවේ‘
සිල්වා Thursday, 24 December 2015 11:53 AM
පාසල නිසි අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලැබෙනවනම් උපකාරක පන්ති වලට යන්න ඕනි නැහැ මේ රජයෙන්වත් පාසල් පද්දතිය නිසි ආකාරයෙන් නගා සිටවිමට යමක් කරවියි සිතමි. (කෞ)
දිල්ෂාන් Tuesday, 29 December 2015 01:01 PM
ඕක කියන්න ඇමති කමක් ගන්න ඕනද? (කෞ)