IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


තනතුර අහිමිකළේ යැයි දිස්ත්‍රික් ලේකම්වරයාට පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ)

දේශපාලන ආධාර කරුවකු විසින් තම රාජකාරියට බාධා කරනු ලැබීම ගැන කළ පොලිස් පැමිණිල්ල ද විමර්ශනය නොවන අවස්ථාවක තම තනතුර අහිමිකර දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් තමන්ට එරෙහිව විමර්ශනයක් කළේ යැයි සමෘද්ධි කළමනාකාරවරියක විසින් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට පැමිණිල්ලක් කරනු ලැබ ඇත.

සමෘද්ධි නීති ප්‍රතිපාදන තුළ ලබාගත නොහැකි මූල්‍ය ණයක් අදාළ දේශපාලන නිලධාරියා විසින් ඉල්ලුම් කරනු ලැබීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ සිය කාර්යාල පරිශ්‍රයේදීම ඔහු තමාට තර්ජනය කළේ යැයි ද, එහිදී ඒ ගැන හබරාදුව පොලිස් ස්ථානයට පැමිණිළි කළ නමුත් මේ වනතෙක් ඊට අදාළව කිසිඳු පොලිස් විමර්ශනයක් සිදුවී නැතැයි ද ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එහෙත් ඒ වෙනුවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් 2019 වසරේ මාර්තු මස 29 වැනි දා තමා ධුරයෙන් ඉවත්කර ඒ ගැන මූලික විමර්ශනයක් කිරීමට ගාල්ල දිස්ත්‍රික් සමුර්දි අධ්‍යක්ෂකවරිය කටයුතු කළ නමුත් මාස ගණනක් ගත වීත් ඊට අදාළ විමර්ශන ඒ වාර්තාව නිකුත් නොකිරීමෙන් තමාට දැඩි අසාධාරණයක් සිදුවී ඇතැයි ද ඇය එහි සඳහන් කර ඇත.

මෙසේ තර්ජනය කළ තැනැත්තා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප  ආධාරකරුවකු වන බැවින් පොලිසිය හා  දිවිනැගුම දෙපාර්තමේන්තුව පක්ෂ භජනයෙන් ක්‍රියා කරන්නේ යැයි ඇය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා දිස්නා විතානගේ මහත්මිය පැවසුවේ අදාළ විමර්ශනය අවසන් කර එහි නිර්දේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඇති බවයි.

ඒ අනුව ඊට අදාළ ඉදිරි පියවර ගත යුත්තේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යැයි ද විතානගේ මහත්මිය පැවැසීය.



අදහස් (0)

තනතුර අහිමිකළේ යැයි දිස්ත්‍රික් ලේකම්වරයාට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site