ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජය ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බවත් ‘ඉරු ජ්‍යෝතිෂ්‍ය සේවය‘ එසැණට ලිපියක් එවමින් කියයි.
එසැණ විද්‍යුත් ලිපිනයට ([email protected]) එවා තිබූ එම සම්පූර්ණ ලිපිය මෙසේය.
‘මෙම කාලය තුල රටේ සියලුම කටයුතු වලට වඩා මැතිවරණය කෙරෙහි ජන අවධානය යොමුවී ඇති බව පෙනීයයි. විශේෂයෙන්ම මෙම මහ මැතිවරණයට තරඟ කරන, ප්‍රධාන පක්ෂ 2 එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් මේ අතර කැපී පෙනෙයි.
2015දි ජනවාරි 8 වන දින ඇති කලාවූ විප්ලවයත් සමග, අප, විප්ලවයක් ලෙස සඳහන් කලේ මෙය ග්‍රහ බලපෑම සමග වූ දෙයක් නිසාය.
විධායක ජනාධිපතිවරයෙක් පරාජය කොට එම ජයග්‍රහණය ලබාගත්තේ එම රජයේම සිටි කලින් විපක්ෂනායකවරයෙකුත් නොවූ, පක්ෂ නායකයෙක් හෝ අගමැතිධුරය නොහෙබවූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. මෙය තරමක අසීරුම කටයුත්තකට එතුමා ලං වූ අවස්ථාවකි.
මේ තත්වය සමග රටේ ඇති කර ඇති සමාජ ආර්ථික පෙරලිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එජාපයට කුමක් වේදැයි බොහෝදෙනා අසන ප්‍රශ්නයකි.
එසේ නම් මෙහි ජෝතිෂ්‍යමය කතිකාවත පටන් ගැනීමට මූලික මාතෘකාව වන්නේ මෙම පක්ෂය හොබවන නායකත්වයට මෙම කාලයේ ඇති ග්‍රහ බලපෑම විමසීමෙනි.
ඔබ සියලුදෙනා දන්නා ආකාරයට 1994 සිට මේ දක්වා කාලය තුල එජාපයේ එකම නායකයා වශයෙන් නායකත්වයේ වගකීම දරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාය.
එතුමාගේ හඳහනට අදාල ග්‍රහ බලය පක්ෂය දිනවීමට කෙසේ උදව් කරාවිද ?
* 1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහත්මාගේ කේන්ද්‍රය තුල මෙවැනි ග්‍රහ තත්වයන් ගම්‍ය වේ.
* ලග්න භාවයේ රවි-කුජ-ශුක්‍ර යෝගයක්ද, 2 වැන්නේ රාහුද, 6 වැන්නේ සෙනසුරුද, 8 වැන්නේ කේතුද, 11 වැන්නේ ගුරු-සඳුද, 12 බුධ ග්‍රහයාද පිහිටා ඇත.
මෙම තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය තුලින් ඇතිකර ඇති ගතිගුණ සහ ප්‍රතිපත්ති මෙයින් විද්‍යාමාන වන නමුත් අප මේ අවස්ථාව තුල පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේ මෙතුමාට ඇති ග්‍රහචාරය තුල එතුමාගේත් පක්ෂයේත් අනාගතයයි.
● මේ අවස්ථාව වන විට රනිල් මහතාට සෙනසුරු මහ දසාව තුල, රාහුගේ අන්තර් දශාව ගතවෙමින් පවති. මෙතුමන් 2000 වසරේ සිට ගත කරන්නේ සෙනසුරු මහ දසාවයි.
සෙනසුරු මහ දසාව ආරම්භයේ සිට මෑතක් වනතුරු ඉතාම ප්‍රබල ප්‍රතිවිපාක එතුමන්ට ප්‍රදානය කර ඇත.
නමුත් මේ වෙලාවේ සෙනසුරු ගෙවෙන කාලයයි.
* ගමේ ගොඩේ කීමක හැටියටත්, සෙනසුරු ගෙවෙන අවස්ථාවෙදි නැති කලදේ නැවත ලබා දෙනවායැයි කියනවා මෙන්, මෙතුමාගේ නායකත්වය ස්ථිරසාර වීමද, සියලු විරුද්ධවාදිකම් කල අය නැවත වාරයක් එතුමාගේ නායකත්වය පිලිගෙන එතුමාට අවනත වීමද මෙම සෙනසුරුගේ බලපෑම නිසාම වූ දෙයකි.
මන්ද සෙනසුරු 6 වැන්නේ සිටින පුද්ගලයා සතුරන් මිතුරන් කරගන්නාවු කෙනෙකි.
● 2015 වසරේ අගෝස්තු 17 වන දින මීන ලග්නයට තත්කාල ග්‍රහචාරය විමසා බලමු.
* මැතිවරණ දිනයෙදි දැන් වගේම ලග්නයේ කේතු ග්‍රහයා අධි බලවත්වත්, රාහු 7 වැන්නේ එනම් සමාජය, දේශපාලනයට අවශ්‍ය කරන 7 වැන්න තුල රාහු බලවත් වීමත්, විශේෂයෙන්ම මීන ලග්නයේ 6 වැන්නාධිපති රවි, ලග්නාධිපති ගුරු සමග යෝග වී 6 වැන්න ඉතාම බලවත් වීමත් අනුව පෙනී යන්නේ ඒකාන්ත වශයෙන්ම මෙම මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පෙරමුණ අනිවාර්ය වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි.
එසේම එතුමා නැවත වාරයක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම මැතිවරණයෙන් පසු දිවුරුම් දෙනවා නොඅනුමානයි.
● මෙය ඉතාම වගකීමෙන්, ඉතාම මධ්‍යස්ථ කෝණයකින් බලා ඉදිරිපත් කරන ජෝතිෂ්‍යය විවරණයකි.
මීට තවත් හේතු වන්නේ 1946 සැප්. 6 වන දින දිවංගත මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂයේ කේන්දරය අනුවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ ලග්නය වන්නේ කිවි හිමි තුලා ලග්නයයි.
ලග්නයේ ඇති ග්‍රහ බලය සමග සසදන විට, 10 වැන්නෙ පොදු ජනතාව නියෝජනය වෙයි.
එම ස්ථානයේ සිටින්නේ සෙනසුරුය. එජාපය අතීතයේ සෑම අවස්ථාවකදිම පාහේ විශේෂයෙන්ම දුගී දුප්පත් අයගේ ආහාර වේල සම්බන්ධව වැඩ කටයුතු කල පක්ෂයකි.
විශේෂයෙන්ම මෙම අවස්ථාව වන විට පක්ෂ කේන්දරයේ, ගුරු මහ දසාවේ රාහු අතුරු දසාව ගත වෙමින් පවතී.
● රාහු උච්ච බලයෙන් සිටින නිසා පක්ෂයට ඉතාම ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් ලබාදීමට මෙම රාහු ක්‍රියා කරයි. පක්ෂ නායකයාගේද මෙම අවස්ථාවෙදි ග්‍රහ බල හොද නිසා මෙම තත්වය තීව්ර වේ.
මේ සියලු කරුණු කාරණා සමග ඉදිරියෙදි පක්ෂයට ලබන සෙනසුරු මහ දසාව සමග විශේෂයෙන්ම මහජනතාව තුල අතිශයින්ම ජනප්‍රිය වී පක්ෂයට නව මුහුණුවරකින් ඉදිරියට යෑමේ හැකියාවද පවතින බව කිව යුතුයි. එසේ නම් 2015 මහමැතිවරණය ජයග්‍රහණය කරන්නේ නියත වශයෙන්ම එජාපය බව කිව යුතුය.
(විශේෂ - ඉදිරි මහ මැතිවරණය ගැන ජ්‍යෝතිෂ්‍ය ලිපි ඇතොත් දුරකතන අංකයද සමග අපට එවන්න. [email protected])
COMMENTS
සෙනසුරු ගෙවෙන අවස්ථාවෙදි නැති කලදේ නැවත ලබා දෙනවායැයි කියනවා මෙන්ම සියලු දේවල් නැති වීමටද ඉඩ ඈත.(ම)
මමත් කියන්නේ මෙහෙම වෙනවාමයි කියලා (නි)
මම හිතුවා ගියපාර ඡන්දෙන් පස්සේ අපේ රටේ මිනිසුන්ගේ මොළ පෑදෙයි කියලා. (නි)
මේ අනාවැකිය මම විශ්වාස නොකරමි. මා සිතන ආකාරයට රනිල් හවුලේ ආණ්ඩුවක් හැදුවත් තනි සන්ධානයක් හැටියට මහින්ද රනිල්ට වඩා ආසන 8ක් වැඩියෙන් ගනු ඇත. නමුත් රනිල් උතුරු නැගෙනහිර ආසන ටිකත් එකතුකරගෙන ආසන 117 කින් අලුත් ආණ්ඩුවක් හදනවා. මේ අනාවැකිය 95% හරි යැයි මම පවසමි. මේ ඇසට පෙනෙන්න ඇති සමාජ පෙළගැස්මයි. ජනතා විමුක්ති පෙරමුණේ මනාපය මේ පක්ෂ දෙකටම නොලැබේ. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යබාරයක් ඉටුකරනු පෙනේ. ෆොන්සේකා මහත්තයාගේ ආසන 4 ත් රනිල්ගේ පිලට එකතු වේ. (නි)
අනිවාර්යෙන් ඒක තමා වෙන්නේ (නදී)
රනිල් දිනනවමයි (බ)
මේක සරල දෙයක් , කේන්ද්‍රයේ ජයග්‍රහණය ගැන කියන්නේ 11 න්නේ. පරාජය ගැන කියන්නේ 12 න්නෙන් . ජනාධිපතිවරණ ඡන්දෙ තිබුනේ 8 වෙනිදා වුනාට සමරන්නේ 9 වෙනිදනේ . ජනාධිපති වරනේදී මහින්ද මහතාගේ කේන්දරේ 11 අධිපති චන්ද්‍රයා ඉන්නේ 9 වෙනිදා වෙනකොට 12ස් වන්නේ . ඒ කියන්නේ 9 වෙනිදට සමරන්න තියන්නේ පරාජයක්. ප්‍රසිද්දියේ නොකිවවට ගොඩක් අය කිව්වා මහින්ද මහත්තය පරදිනවා කියල. මෙවර චන්දෙදි 18 වෙනිදට මහින්ද මහතාගේ 11 අධිපති ඉන්නේ ලග්නේ . රනිල් මහතාගේ 11 අධිපති සෙනසුරු ඉන්නේ 9යෙ . රනිල් දිනන බව ඇත්ත . ඒත් ඒ පහසු ජයක් නම් නෙමෙයි. බහුතරය ගන්නත් අමාරු වෙයි. (බ)
මේක සරල දෙයක්, කේන්ද්‍රයේ ජයග්‍රහණය ගැන කියන්නේ 11 නේ. පරාජය ගැන කියන්නේ 12 නේ. ජනාධිපතිවරණ ඡන්දෙ තිබුනේ 8 වෙනිදා වුනාට සමරන්නේ 9 වෙනිදනේ . ජනාධිපතිවරණේදී මහින්ද මහතාගේ කේන්දරේ 11 අධිපති චන්ද්‍රයා ඉන්නේ 9 වෙනිදා වෙනකොට 12 වන්නේ . ඒ කියන්නේ 9 වෙනිදට සමරන්න තියන්නේ පරාජයක්. ප්‍රසිද්ධියේ නොකිව්වාට ගොඩක් අය කිව්වා මහින්ද මහත්තය පරදිනවා කියල. මෙවර ඡන්දෙදි 18 වැනිදට මහින්ද මහතාගේ 11 අධිපති ඉන්නේ ලග්නේ . රනිල් මහතාගේ 11 අධිපති සෙනසුරු ඉන්නේ 9යේ . රනිල් දිනන බව ඇත්ත . ඒත් ඒ පහසු ජයක් නම් නෙමෙයි. බහුතරය ගන්නත් අමාරු වෙයි. (බ)
මේවා මේ විදිහටම වෙයිද? (නි)
අපි සුමනදාස මහතා ගෙනුත් අසා බලමු (ම)
ලෝකයේ ඕනෑම තැනකට යා හැකි නායකයෙක්. මෙතුමා මහත්මයෙක් (නදී)
අපි සුමනදාසගෙනුත් අහලා බලමු මේක ඇත්තද කියලා (නි)
අපේ මතයත් එයම තමා.(නදී)
ලෝකයේ ඕනෑම තැනකට යා හැකි නායකයෙක්. මෙතුමා මහත්මයෙක්. (නි)
අනේ සනත් ඔබ කතා කරන්නේ කොහොමද ? (නදී)
හොඳයි අපි බලමුකෝ (නි)
මම නම් මේවා එකක්වත් පිළිගන්නේ නැහැ. (නදී)
අනේ හොඳයි. ඔය සිහිනෙම ඉන්න කියමු (නදී)
පහුගිය අවරුදු 40 විග්‍රහ කරලා බැලුවම ඕන කෙනෙක්ට කියන්න පුලුවන් (නදී)
පිලිතුරු ,සරත් රණතුංග - ඔව්ා තව වැඩිකල් නැහැනේ අනාවැකිය ඇත්තද බොරුද බලාගන්න. කුමාර - ජනමතය ඔබ හඳුනන්නේ නම් මේ විග්‍රහය සමග එකඟ වන්නට සිදුවනු ඇත. එය තහවුරු වීමට වැඩි කලක් නැත. දහම් - එජාපයට ගත වන්නේ ගුරු මහ දසාවේ රාහු අතුරු දසාවයි. රාහු උච්ච බලයෙන් සිටින නිසා ජයග්‍රහණයට මූලික හේතුවක් වෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට ගතවන්නේ සෙනසුරු මහ දසාව වුවද මේ එහි අවසාන කාලයයි. සෙනසුරුගෙන් බරපතල ප්‍රතිවිපාක ලැබුනු අයට සෙනසුරු ගෙවෙන විට කටයුතු සාර්ථක වේ. හෙට්ටි ආරච්චි - එජාපය තරඟ වදින්නේ එක්සත් ජාතික පෙරමුණෙනි. එහි ලකුණ අලියාය. ඒ අනුව එජාපය ලෙස භාවිත කිරිමේ ගැටළුවක් නැත. සචිත් - අපට අනුව නම් හැකියාව තිබෙනවා. ආසන 110-115කට වැඩි සංඛ්‍යාවක් තනියෙන් ගත හැක. කොස්වත්ත. මානෙල් - ජ්‍යොතිෂ්‍යය සැකසී ඇත්තේ මිනිසුන්ගේ ලෞකික දිවිය සැපවත් කිරීමටයි. ඔබ ජ්‍යොතිෂ්‍යය දන්නවා නම් මේ බව පැහැදිලිවනු ඇත. ලෝකායතන ජ්‍යොතිෂ්‍යට අනුව ලෝකය ගැන කිව හැකිවාක් මෙන්ම කේන්දර සටහන් අනුව විග්‍රහ කර ඡන්දය ගැන කිව හැක. අවමානයක් වන්නේ ව්‍යාජ දේ කීවොත් පමණි. රූපසිංහ - ලංකාවේ දොස්තරවරු සිටිති. 40,000ක් පමණ හොර දොස්තරවරුද සිටිති. ඔබ හොර දොස්තරලාට දොස්තර මහත්තයා යැයි කියන්නෙ නැත. ජ්‍යොතිෂ්‍යයට අනුවද එසේමය. පුද්ගලයන් විවිධාකාරය. මහින්ද රාජපක්ෂ ජ්‍යොතිෂ්‍යයවත්, දහම ගැනවත් විශ්වාසය තැබූවේ නැත. එතුමා විශ්වාස කලේ හූනියම් ගැන පමණකි. සනත් ඉන්දික - සාධණීය සිතීමක්. කෙසේ වුවද අපට අනුව තනි පක්ෂයක් ලෙස ආණ්ඩුව පිහිටුවිමට අවශ්‍ය බලය ඡන්දයෙන් ලැබේ. නිෂාද් - මේ තත්වය මහපොලවේ දේශපාලනය ගැන අවබෝධයක් ගන්නා අයට තේරෙනු ඇත. ජ්‍යොතිෂ්‍යය තුලින් කියන දේත් මහ පොලවේ යථාර්ථය වුවොත්... ජ්‍යොතිෂ්‍යයේ සත්‍යතාවයක් ඇති බව ජනතාව සිතීම අපට ප්‍රමාණවත්. ආර්. සම්පත් - ඔව් ඒ අකුසල කර්ම විපාක බොහෝ ඇති අයට. මේ කාලය රනිල්ගේ පින බලවත් කාලයයි. එතුමාට අවැඩක් වන්නේ නැත. _ පැය කීපයකට පෙර ෆේස්බුක් ලොග්වි කල කමෙන්ටු තවම පලවී නැති නිසා මේ අයුරට කමෙන්ට් කරා.
තත් කාලන තක්කාලි වලින් අපට වැඩක් නැත. මහා ජන මතය වෙනස් කිරීමට ඔය තක්කාලිලාට බැරි බව දැන ගත යුතුය. ඔබලාට වඩා හොදට මිනිසුන් ගඳ සුවඳ හඳුනනවා. (නදී)
දේශපාලන වශයෙන් මගේ මතය නම් ඉදිරි රජය එජාප රජයක් විය යුතුයි යන්නයි. හැබැයි එජාපයේ පරණ කැරැට්ටුව දන්නා නිසා එජාපයට විශාල බහුතර බලයක් නොලැබිය යුතුයයි මම සිතමි. ජවිපෙ ප්‍රධාන විරුද්ධ පක්ෂය වී එජනිසය තුන්වන තැනට එන්නේ නම් එය රටට හොඳයි. ඇත්ත වශයෙන් ඉස්සර තිබුන අවුරුදු පහෙන් පහට ආණ්ඩු පක්ෂය මාරු වන තට්ටු මාරු ක්‍රමය රටට හොඳයි. එවිට කිසිම රජයක් අතිධාවනකාරී දුෂණ කිරීමට බියවේ. 1977 සිට එජාපය අවුරුදු 17ක් එක දිගට රට පාලනය කිරීමත් 1994 සිට එක දිගට එජනිසය අවුරුදු 20ක් රට පාලනය කිරීමත් නිසා පාලක පක්ෂය දුෂණ හා අපරාධ කිරීමට ඇති බිය නැතිවිය. එනිසා මේ අවස්ථාවේ එජනිසය පරාජය වී නැවත බලය අවශ්‍ය නම් ස්වයං විවේචනයක යෙදී චෝදනා ඇති අය ඈත් කර නැවත වසර කීපයකින් බලය ලබා ගැනීමට උත්සාහ කල යුතුයි. එහෙත් ජ්‍යෝතිර්වේදීන් නමින් පෙනී සිටින හොරුන්ගේ මැතිවරණ ප්‍රතිපල පුරෝකථනය කිරීම් වලට ඔබ වැනි වැදගත් ජනමාධ්‍යයක ඉඩ දීමට මම තරයේ විරුද්ධ වෙමි. එය කුරුණෑගල එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට වාසි වන විධියේ එකක් වුවත් කොළඹ එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට වාසි වන විධියේ එකක් වුවත් මගේ මතය නම් ඔබ මේ හොරුන්ට නොමිලේ ප්‍රචාරය ලබා නොදිය යුතුය යන්නයි. (නදී)
පක්ෂයට හෙණහුරා ලබලා නම් කොහොමද ජයගන්නේ. (නි)
අපේ මිනිසුන්ට කොහේද ලැජ්ජා තියෙන්නේ? (නි)
පෙරේරා - මහින්ද රාජපක්ෂ මහතාට ගතවන්නේ බරපතල අපල කාලයකි. එනම් කර්ම පල විපාක දෙන කාලයකි. එතුමා විසින් එම තත්වයන්ට නිසි පරිදි කළ යුතු පින්කම් ආදිය කල බවක් අප දන්නේ නැත. විවිධාකාර ශාන්ති කර්ම මුවාවෙන් එතුමා රවටා යම් පිරිස් විසින් කරන ලද කටයුතු වලින් එතුමාට යහපතක් වන්නට ඉඩ ඉතා අඩු බව අපගේ විශ්වාසයයි. ඒනිසා අප මෙසේ කියමු, අගෝස්තු 17 ඡන්දයෙන් රාජ්‍ය නායකත්වයකට එන්නට පින මහින්ද රාජපක්ෂ මහතාට නැත. දැන් එතුමා වටේ සිටින බොහෝ පිරිස් නැවත මෛත්‍රිපාල ජනපතිතුමන්ට එක් වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ චිත්ත පීඩනය උග්‍ර වනු ඇත. එපමණයි. ( මෙය කර්ම ඵල ගැන විග්‍රහයක් පමණි. එතුමාගේ සමහර ඥාතින් හිතවතුන් අප සේවය ගැන විශ්වාසය තැබූ අය බව සදහන් කරමු) (බ)
බලමු බලමු... (නි)
මහිලාල්, ඔබ කියන කරුණු ඉතාමත් නිවැරදියි.කරුණු නිවැරදිව තේරුම් ගැනීමට හැකි ඔබ වැන්නන් බහුල වූ දිනයක මේ ජරාජීර්ණ දේශපාලනයද අපේ රටෙන් තුරන් වනු නිසැකය (නි)
මහිලාල් ඔයා හරි මේ සේරම හොරු කියන්නේ බොරු ජනතාව මෝඩ නැහැ (නදී)
පල කලාට ස්තූතියි. අප මීට පෙර දේශපාලනය ගැන අනාවැකි පලකිරිම් කරන්නට කටයුතු කලේ අල්ප වශයෙනි. මෙවර බොහෝ ඉල්ලීම් තිබුනු නිසා එම කටයුත්ත කල බව කිව යුතුය. ස්ථාවර ආණ්ඩුවක් එජාපයට ලැබෙන අතර රටට ඉදිරියේදි යහපත් කාලයක් ක්‍රමිකව උදා වේ. මහ පොලවේ දේශපාලනය කරන අයටද මෙම තත්වය අමුත්තක් නොවන බව අපි දනිමු. ඕක කියන්න ජ්‍යොතිෂ්‍යය ඕනද ? ඔවුන් අසනු ඇත.. ඒක කියන්න ජ්‍යොතිෂ්‍යය අවශ්‍ය නැත්නම්, වෙන්න තිබෙන දේ ඔබ දන්නා දේ සිදුවන බව ජ්‍යොතිෂ්‍යයට අනුවද උපකල්පනය කිරීමෙන් ජ්‍යොතිෂ්‍යයේ ඇති සත්‍යතාවය තහවුරුවීම අපි අගය කරමු !
හැම මතයකටම වඩා බලවත්ම මතය මහජන මතයයි. (ම)
ජොතිශය ගැන දැන් විස්වාසයක් ගොඩක් අයට නැහැ (නදී)
මේක අමූලික බොරුවකි. එක්සත් ජාතික පක්ෂය තරඟ වදින්නේ එක්සත් සන්ධානයෙනි. එක්සත් ජාතික සන්ධානය පරාජය ස්තිරයි (නදී)
බොහොම ස්තුතියි. එය නිවැරදි බව පෙනෙනවා (නි)
මහිලාල් හා මොහොමඩ්,ඔබ දෙපළ හරි. (නි)
යූඑන්පී එකට කීයටවත් තනිවම ආණ්ඩුවක් හදන්න බැහැ (නි)
අපෝ හිටපු සාටක නාටක ටික නැතුව ඕන එකක් (නදී)
ජය වේවා! (නි)
මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ (නි)
දැනගන්න කැමති නිසයි අහන්නේ. ආසන කීයක් විතර ගනීද (නි)
මහිලාල්, නියම කතාව (නි)
ජ්‍යෝතිෂය අනුව නම් ඡන්ද ප්‍රතිඵල කොහෙත්ම කියන්න බැහැ. මේ උතුම් ශාස්තයට අවමන් කරන්න එපා. තමන්ගේ අනුමානය සහ දේශපාලන මතය අනුව කියනවා මිසක් ඒකට ජ්‍යෝතිෂය ගාවාගන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)
මහින්දගේ ජ්‍යෝතිෂ විස්තර ටිකකුත් කියන්නකෝ (නි)
කෑගල්ලේ අපි නම් කැපුවත් කොළ තමයි (නි)
කලින් ආණ්ඩුව ගෙදර ගියේ ජෝතිෂ්‍යය නිසා කියලා කවුරුත් විශ්වාස කරන එකේ තව මොන එහෙකටද මේ ජ්‍යෝතිෂය. (නි)