(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද - කුරුවිතැන්න ප්‍රදේශයේ සිට කොළඹ දක්වා වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් නීති විරෝධීව තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (19) අලුයම බදුල්ල මහියංගන මාර්ගයේ බුද්ධංකෝට්ට හංදිය අසලදී සැකකරුවන් තිදෙනෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් දැව තොගයේ විවිධ ප්‍රමාණයන්ට ඉරන ලද ලෑලි සහ පරාල විශාල තොගයක් තිබූ අතර මේ වන තුරු එහි වටිනාකම ගනණය කර නොමැති අතර සැකකරුවන් අද (19) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
කන්දකැටිය පොලීසිය හා බදුල්ල කොට්ඨාස දූෂණ අංශය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd