(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන ලාතුගල රක්ෂිතයට ඇතුල්වී සිටි පුද්ගලයින් 8 දෙනෙක් අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලාතුගල තේක්ක වනය ප්‍රදේශයේ මහා දැව ජාවාරමක් සිදුවෙන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරත් අනුව එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකරනු ලැබීය.
එහිදි අනවසරයෙන් වනයට ඇතුළු වූ අටදෙනාට අමතරව ලොරි රථයක්,ත්‍රිවීල් රථයක්, යතුරුපැදි හතරක්, පිහි දෙකක් ,ගස් කපන මැෂින් එකක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස අත්අඩංගුවට ගත් ප්‍රදේශය ආසන්නයේ තේක්ක ගස් 1000 ක් පමණ කපා බිම හෙලා තිබුණූ අතර දැව පැටවීමට පැමිණි ලොරි දෙකක් ද තිබී ඇත.
මෙම ප්‍රදේශයේ පවුල් 50 කට පමණ තේක්ක වගා කිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉඩම් ලබාදී තිබේ.එම ඉඩම්වල ඇති අලින් විසින් පෙරලන ලද ගස් කැපීමට වනසංරක්ෂණ දෙපාර්මේන්තුව මගින් ගොවින්ට අවසර දී තිබේ.
මෙම වගාව කරන ගොවින් විසින් බදුල්ල ප්‍රදේශයේ ලී ව්‍යාපාරියෙකුට මෙම ගස් විකුණා තිබේ.එහෙත් මෙම ව්‍යාපාරිකයා විසින් අලි පෙරලන ලද ගස් සහ හොදින් තිබූ ගස්ද කපා බැකෝ යන්ත්‍රයක් යොදා කපන ලද ගස්වල මුල් ගලවා එම ගස්ද අලින් විසින් පෙරලු ගස් බවට පෙන්වීමට කටයුතු කර ඇත.
එදින ලී පැටවිම සඳහා අවසරයකින් තොරව ලොරි දෙකක්ද එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙන අයුරු දැක ගැනිමට හැකිවිය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
තේක්ක ගස් කපා ප්‍රවාහනය කළ 8 ක් පොලිස් දැලේ