(රොහාන් කුමාර දිසානායක)
මාවනැල්ල නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 44දෙනෙකුගෙන් 43දෙනෙකුට, එක් අයකුට රුපියල් 6,000 බැගින් රුපියල් 258,000ක දඩයක් ගෙවන ලෙසද, අනෙක් පුද්ගලයාට රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙසද මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද(24) නියෝග කළේය.
අධිකරණය මග ඇර සිටි පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසද ඒ මහතා නියම කළේය.
මෙලෙස දඬුවම් ලැබුවේ මාවනැල්ල නගරයේ වෙළඳසැල් හා නිවාසවල පදිංචිව සිටින පුද්ගලයන් 49දෙනෙකි.
කාලයක සිට ජලය එක්රැස් වන වැහි පීලි, කොන්ක්‍රිට් තට්ටු, බැරල් හා අබලි යකඩ එකතු කරන ස්ථාන පරීක්ෂා කළ මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු එම ස්ථානවල මදුරුවන් බෝවන බැවින් ඔවුන්ට විරුද්ධව මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 49ක් පැවරූහ.
එම නඩු අද (24) දහවල් කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකරුවන් පස් දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් පස්දෙනාට විනිසුරු වරයා වරෙන්තු නිකුත් කළේය.
අබලි යකඩ එකතු කරන අනාරක්ෂිත ස්ථානයක් පවත්වා ගෙනගිය එක් පුද්ගලයකුට රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙසද එම ස්ථානයේ වහලයක් ඉදිකරන ලෙසද නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් ඉදිරිපත් වූ අතර මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ශ්‍රීයන්ත බංඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩෙංගු මදුරුවන් බෝකළැයි 44කට දඩ