(අනීෂා මානගේ)
බෙලිඅත්ත නගරයේ පිහිටා තිබූ උපකාරක පන්තියක වහලය අද(08) උදෑසන කඩා වැටීම නිසා එම පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යාවන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව බෙලිඅත්ත පොලිසිය කියයි.
තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු පහලොව හා දහසය වයසේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්දෙනෙකි.
බෙලිඅත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් ඇත. ප්‍රදේශයට ඇදහැලුණු වර්ශාව හා ඇතිවී තිබූ සුළං තත්වයත් සමග ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී තිබේ. වහලය කඩා වැටෙන අවස්ථාව වන විට උපකාරක පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්සිය පනහක පමණ පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිට තිබේ.
තුවාල ලැබූ එක් සිසුවෙකු තංගල්ල මූලික රෝහලටත් අනිත් හය දෙනා බෙලිඅත්ත දිස්ත්‍රීක් රෝහලටත් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.
වහලය කඩා වැටුණු ගොඩනැගිල්ල අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් වන අතර එය නිසි ප්‍රමිතියකට අනුව ඉදිනොකිරීම නිසා මෙසේ කඩාවැටීමට ලක්ව ඇත්දැයි සොයා බලන බව පොලිසිය කියයි. ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි කොටස් අසල පිහිටි වෙළදසැල් මතට පතිත වීමෙන් එම වෙළදසැල් වලටද හානි සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටියුෂන් පන්තියේ වහළය කඩා වැටී සිසුන් හතකට තුවාල
maheshika Sunday, 08 July 2018 02:20 PM
සූරාකෑමේ උපරිමය. 700 කට එකපාර උගන්වන්න මෙතුමා මැජික් කාරයෙක්ද? අනික අනාරක්ෂිත උඩ තට්ටුවක.. මෙතරම් ළමයි සංඛ්‍යාවක්. මෙවැනි මෙගා ක්ලාස් වටලා දරුවන්න් මෙතරම් ප්‍රමාණයකට උගන්වන හැටි පරික්ෂ කල යුතුය. තුවාල ලැබූ දරුවන්ට ඉක්මන් සුවය පතමි.!