(ජුඩ් සමන්ත)
ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ මෙරට නිපදවන ලද ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දුම්මලදෙණිය සහ සිරිගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඊයේ රාත්‍රීයේ සැකකරුවන් දෙදෙනා වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් ගොස් වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිටි කීප දෙනෙකු සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන්ට පහර දී ඇති බව පොලීසිය කියයි.
පසුව එම නිවැසියන් සැකකරුවන් දෙදෙනා ද, ගල් කටස් වර්ගයේ ගිනි අවිය,ටී.56 වර්ගයේ ජීව උණ්ඩය සහ යතුරුපැදිය ද සමඟ පොලීසියට බාර දී තිබේ.
රෝහල් ගත කර ඇති එක් තරුණයකු බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවත්, එම සම්බන්ධය මෙම ගැටුමට හේතුව වී ඇති බවත් පොලීසිය කියයි.
රෝහල් ගතකර ඇති සැකකරුවන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටී 56 ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට