චමිල් රූපසිංහ
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින්ගේ මූලික ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන විරෝධතාවයන්ට සමගාමීව මධ්‍යම පළාත් ජලසම්පාදන මණ්ඩලයේ සේවකයෝ අද (31) මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවයක යෙදුණහ.
ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු දුමින්ද සමරනායක මහතා පැවසුවේ වසර 3කින් වැටුප් වැඩිවිම් තිබුණත් අමාත්‍යතුමා පොරොන්දු වූ පරිදි 25% වැටුප් වැඩිවිම සිදු නොකළ බවත් වැටුප් විෂමතාවය ඉවත් කළ යුතු බවත් ඔහු පැවසීය.
රජය ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන්ගේ ඉල්ලීම් පැහැර හැරිය හොත් සියලු අවශ්‍යතා වලින් ඉවත් වන බවද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd