(ඉන්දිකා රාමනායක)
ජල බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ජල සැපයුම විසන්ධි කිරීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ මොරටුව ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලයේ තාක්ෂණ නිලධාරියාට පොල්ලකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මොරටුව පොලිසිය කියයි.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර තිබූ ලුනාව ප්‍රදේශයේ නිවෙස් කිහිපයක ජල සැපයුම විසන්ධි කිරීමට අද (9) නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ගොස් ඇති බවත් නිලධාරීන් සැකකරුගේ නිවසේ ජලය සැපයුම විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ ඔහු එයට විරෝධය දක්වා නිලධාරීන් සමඟ බහින් බස් වී තාක්ෂණ නිලධාරියාට පොල්ලකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
සැකකරුගේ පහර කෑමට ලක් වූ තාක්ෂණ නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම විදියට පිරිහුණ මිනිස්සු ඉන්න රටක්, ඉහල සිට පහලටම තනිකර නොදියුණු නුගත් ගෝත්‍රික අප්‍රිකානු කුඩා රටක ලක්ෂණ පෙන්වනවා, කිසි කෙනෙක් තම වැරැද්ද පිළිගන්න ලැහැස්ති නැහැ , සේරම හරි