(ඉන්දිකා රාමනායක)
ජල බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ජල සැපයුම විසන්ධි කිරීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ මොරටුව ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලයේ තාක්ෂණ නිලධාරියාට පොල්ලකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මොරටුව පොලිසිය කියයි.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර තිබූ ලුනාව ප්‍රදේශයේ නිවෙස් කිහිපයක ජල සැපයුම විසන්ධි කිරීමට අද (9) නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ගොස් ඇති බවත් නිලධාරීන් සැකකරුගේ නිවසේ ජලය සැපයුම විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ ඔහු එයට විරෝධය දක්වා නිලධාරීන් සමඟ බහින් බස් වී තාක්ෂණ නිලධාරියාට පොල්ලකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
සැකකරුගේ පහර කෑමට ලක් වූ තාක්ෂණ නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල සැපයුම විසන්ධි කිරීමට ගිය නිලධාරියාට පහර දීලා
Asanka Saturday, 10 November 2018 05:35 AM
පුදුම විදියට පිරිහුණ මිනිස්සු ඉන්න රටක්, ඉහල සිට පහලටම තනිකර නොදියුණු නුගත් ගෝත්‍රික අප්‍රිකානු කුඩා රටක ලක්ෂණ පෙන්වනවා, කිසි කෙනෙක් තම වැරැද්ද පිළිගන්න ලැහැස්ති නැහැ , සේරම හරි