(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේ මාර්ගය හරහා ගලා යන ජල පහරකින් එගොඩ වීමට ගිය පුද්ගලයකු අද (22) සැඩ පහරට හසු වී මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
කැලණි ගඟේ පිට දමන ගංවතුර හෝමාගම - හංවැල්ල බස් මාර්ගයේ ආටිගල ප‍්‍රදේශයේ දී මාර්ගය හරහා ගලා යන අවස්ථාවේ දී එම ජල පහර හරහා යාමට තැත් කළ පුද්ගලයකු මෙලෙස සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් මීටර් 50 ක් පමණ දුරින් පිහිටි ගස දෙබලක සිර වී සිටියදී සොයා ගෙන ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ආටිගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කම්කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd