(කාංචන කුමාර ආරියදාස)
ජර්මානු ජාතික සංචාරක පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ දී අද (20) සිසිල් බීම දන්සලක් පැවැත්වූහ.
දඹුල්ල විහාර හන්දියේ තරුණ පිරිස සහ විදේශීකයන් එක්ව දන්සල සංවිධානය කර තිබිණි.
ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
සිසිල් බීම වීදුරුවක් ලබාදෙන විදේශීකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කිරිම මෙහිදී සිදුවිය.
ජර්මානු ජාතික කාන්තාවක් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා ඔවුන්ට වෙසක් මංගල්‍යය සැමරීමට හැකිව තිබෙන බවයි. එමෙන්ම විදේශීය රටවල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ඇය ආරාධනාවක් ද කළාය.




2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජර්මානු සංචාරක පිරිසක් දඹුලු විහාර හන්දියේ දන්සලක