ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණි. ටෝකියෝ නුවර හචිඕජි නගරයේ සාක්‍යමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව ආරාධිතයෝ ගුණකථන පැවැත්වූහ.
1951 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජයවර්ධන මහතා ධම්මපදයේ ‘නහි වේරේන වේරානි‘ ගාථාව පදනම් කරගෙන දේශනය ජපන් ආර්ථිකයේ ඉදිරි ගමන් මග යහපත් අතට හැරවීමට සමත් වීම නිසා ජපානය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩනැඟිණි.
මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳව ජපානයේ වත්මන් තරුණ පරපුර දැනුවත් කිරීම ද මෙම උත්සවයේ අරමුණක් විය. උත්සවයේ ප්‍රධාන ආරාධිත වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්‍ය ධම්මික ගංගානාත් දිසානායක මහතා විසින් ජපන් බසින් විශේෂ දේශනයක් සිදු කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවේ සම සභාපති වරුන් වන සචිත් ලියනගේ, චන්දන වික්‍රමසිංහ සහ එහි ලේකම් රුවන් වීරසිංහ ප්‍රමුඛ සාමාජිකයන් ඇතුළු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව උත්සවය සංවිධානය කළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජයවර්ධන ජනපති ගුණ ජපානයේ සැමරේ