IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජයලලිතා මස් රාත්තලම ඉල්ලයි

ඉන්දීය මධ්‍යම රජය මඟින් නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකාවේදී අඛණ්ඩව අත්අඩංගුවට පත් වන බවත්, මෙලෙස ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශය හරහා වහා රාජ්‍යතාන්ත‍්‍රික පියවරකට එළැඹිය යුතු බවත්  තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවමින් කියන්නීය.

ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු සහ ධීවර බෝට්ටු 82 ක් මේවන විට ශ්‍රී ලංකාවේ රඳවා ගෙන සිටින බව සඳහන් කරන තමිල්නාඩු මහ ඇමතිනිය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේදී දිගින් දිගටම අත්අඩංගුවට පත්වීම හේතුවෙන් තමිල්නාඩු ධීවර වෘත්තීයට දැඩි බලපෑම් එල්වී ඇති බවය.

එබැවින් ඉන්දීය ධීවරයින්ට බාධාවකින් තොරව පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් මැරීම සඳහා කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගත යුතු බවද තමිල්නාඩු මහ ඇමතිනිය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දෙමින් 1974 සහ 1976 වසර වලදී ඇතිවූ ගිවිසුම් බලරහිත කර ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම් පිළිබඳවද ඇය මෙහිදී ඉන්දීය අගමැතිවරයා ගේ අවධානයට යොමු කර ඇත.



අදහස් (0)

ජයලලිතා මස් රාත්තලම ඉල්ලයි

රංග රසික Tuesday, 15 March 2016 01:14 PM

තව මේ අයට රස්සාවලුත් දෙන්න නේද හදන්නේ.(හේ)

:       0       0

රංජිත් Tuesday, 15 March 2016 01:23 PM

ඇයි මැඩම් ලංකාවේ සම්පත් හුරගෙන කන්න ඕනේ වෙලාද දගලන්නේ. (හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 15 March 2016 10:25 AM

එයාලගේ මිනිසුන්ට උපදෙස් දුන්නනම් හරිනේ අනුන්ගේ වැටවල් පනින්න එපාය කියලා. (ර)

:       0       0

ශාන සෞදි Tuesday, 15 March 2016 11:13 AM

එයාලගේ මිනිසුන්ට උපදෙස් දුන්නනම් හරිනේ අනුන්ගේ වැටවල් පනින්න එපාය කියලා අපේ මිනිස්සු එයාලගේ සීමාවට ගියාම අත්අඩංගුවට ගන්නවානම් ඇයි අපිට තහනම් මෙයාට ඕනේ තාලෙට අපි නටන්න ඕනේ නැ කච්චතිව් දූපත කියන්නේ එයාලගේ බුදලේ කියලද හිතා ඉන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site