( ඔගස්ටින් ප‍්‍රනාන්දු )
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් හලාවත ජයබිම ප‍්‍රදේශයේ සතොස වෙළෙඳසල අද(03) අලුයම කොල්ල කා ඇතැයි හලාවත පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ තුනකට ආසන්න ආහාර ද්‍රව්‍ය තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.මෙම භාණ්ඩ වාහනයක පටවා ගෙන ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් වැඩි තොරතුරක් වාර්තා වී නැත.
මීට මාස දෙකකට පෙර මෙම වෙළෙඳසල අසල පිහිටි පෞද්ගලික සුපිරි වෙළෙඳසලක් මෙලෙසම කොල්ල කා තිබීණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd