හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දිනය සැමරුම් උත්සවයේදී සැප්තැම්බර් 17 වැනි සෙනසුරාදා දහවල් 2 සිට ජපානයේ ටෝකියෝ නුවර හචිඕජි සකමුණි විහාරය අසළ ජේ.ආර්.ජයවර්ධන පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සහ ජයවර්ධන මහතාගෙන් ජපානයට සිදු වු මෙහෙය පිළිබද ජපන් ජාතිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ජයවර්ධන මහතා, 1951 වසරේ සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ දී ජපානය කොන් නොකරන ලෙසත් වෛර නොකරන ලෙසත් මිත්‍ර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. ‘නහි වේරේන වේරානි‘ ගාථා පාඨය පෙන්වාදෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
එයින් පසු ලංකාව සහ ජපානය අතර ඉතා ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉන්න නායකයොත් එතුමාව ආදර්ශයට ගත්තොත් හොඳයි (බ)