IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජපන් රැකියා පෙන්නා සල්ලි ගැරූ ජපන් ජාතිකයා අල්ලයි

විනීතා එම් ගමගේ
 
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කළ ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
 
අත් අඩංගුවට පත් ජපන් ජාතිකයා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ වීසා කාලය ඉක්මවා වසරකට ආසන්න කාලයක් මෙරට නීති විරෝධීව රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි පැවසේ.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත‍්‍රයකින් ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණයෙන් තරුණයින්ගෙන් මුදල් අයකරන බවට කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
ජපන් ජාතිකයාගේ වීසා කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වැනිදායින් අවසන්වී ඇති නිසා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

ජපන් රැකියා පෙන්නා සල්ලි ගැරූ ජපන් ජාතිකයා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site