(දයාරත්න ඇඹෝගම)
ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට උතුරුමැද පළාතේ සියලුම පාසල් ප්‍රවාහන බස් රථ හා වෑන් රථ අනිවාර්යෙන්ම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බව උතුරුමැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කිත්සිරි විජේසිංහ මහතා පැවසිය.
එසේ නොවන බස් රථ හිමියන්ට මින් ඉදිරියට පාසල් ප්‍රවාහන සේවාවන් වල නිරතවිමට නිත්‍යානුකුල බලයක් හිමි නොවන බව ඔහු කීවේය.
ලබන වසරේ සිට පාසල් ප්‍රවාහන සේවා බස් රථ හා වෑන් රථ වලින් වාර්ෂිකව රුපියල් 25,000 ලියාපදිංචි ගාස්තුවක් අයකිරීමට සුදානම් වන බවට පාසල් ප්‍රවාහන රියදුරන් චෝදනා කරන බැවින් එහි සත්‍ය තාවක් තිබේදැයි කළ විමසීමේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
පාසල් ප්‍රවාහන සේවා නියාමනය කිරීම පළත් සභාවේ කටයුත්තක්. ළමයිගේ ජිවිත පිළිබඳව වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ නිසා ලබන ජනවාරියේ සිට මුලික ලියාපදිංචි ගාස්තුවක් ලෙස රුපියල් 10,000ක් ගෙවිය යුතුයි. එය එක්වරක් පමණක් කළ යුතු බවත් ඉන් පසු වාර්ෂිකව එක් ආසනයක් සඳහා රුපියල් 50ක් ගෙවිය යුතු යැයි වැඩිදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනවාරියේ සිට පාසල් බස් - වෑන් ලියාපදිංචිය අනිවාර්ය වේ