ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ලේකම් ලෙස රොමේෂ් ධනුෂ්ක සිල්වා (ලංකාදීප) ද සභාපති ලෙස සංඛ විදානගමගේ ද භාණ්ඩාගාරික ලෙස සමන් ජයතිලක ද (අද) තෝරා පත්කරගනු ලැබූහ.
ධර්මපාල මාවතේ බුද්ධ ශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී නිලවරණය පැවැත්විණි.
උප සභාපතිවරු ලෙස දමින්ද හර්ෂ පෙරේරා (ඩේලි එෆ්ටී), ලලිත් පෙරේරා (සන්ඩේ ලීඩර්), ද උප ලේකම් ලෙස ජූඩ් ඩෙන්සිල් පතිරාජ (දිවයින), ද උප භාණ්ඩාගාරික ලෙස රුක්මාල් ගමගේ (ලේක් හවුස්) සහ සුබ සාධන ලේකම් ලෙස් නිෂාන් එස්.ප්‍රියන්ත තේරී පත්වූහ.
කාරක සභාව - සමන් ශ්‍රී වෙදගේ, සුදත් නිශාන්ත (ලේක් හවුස්), ජයමාල් චන්ද්‍රසිරි (ලංකාදීප), තාරක බස්නායක (මව්බිම), කුෂාන් පතිරාජ ( ඩේලි මිරර්), ශමීර රාජපක්ෂ (අද), කමල් බෝගොඩ, සුජාතා ජයරත්න (දිවයින), ඒ.කේ.විජයබාලන් (තිනක්කුරල්), උපුල් අබේසේකර (ඩේලි එෆ්ටී), විමුක්ති ඇඹුල්දෙණිය (සිලෝන් ටුඩේ), අතුල දේවප්‍රිය (සන්ඩේ ටයිම්ස්), චතුර එස් කොඩිකාර (රිවිර), ඉෂාර කොඩිකාර (ඒඑෆ්පී), සිසර හේමකුමාර (ලක්බිම)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd