සිය සිව් දින තායිලන්ත නිල සංචාරය නිමා කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සඳුදා(10) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේය.
ආසියා සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනපති පසුගිය 07 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය අතර එහිදී තායිලන්ත අගමැති හා ඉරාන ජනපති සමග ද්වි පාර්ශවික සාකච්ඡා ද පැවැත්වීය.
ආසියානු සහයෝගීතා රාජ්‍ය නායක සමුළුව අමතමින් ආසියා කලාපයේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත‍්‍රයේ පෙරගමන්කරු වීමට ශී‍්‍ර ලංකාව සූදානම් බවට ජනපති කළ ප‍්‍රකාශය ද සමුළුවට සහභාගී වූ සියලූ රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට ලක් විය.
මේ අතර සංචාරය අතර තුරදී තායිලන්තයේ බැංකොක් නුවර ඓතිහාසික එමරල්ඩ් බුද්ධා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද ගිය ජනපති ඇතුළු දූත පිරිස ග‍්‍රෑන්ඩ් පැලස් රජ මාළිගය නැරඹීමට ද එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd