මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවා මහ මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයන් සාකච්ඡා කළ ද, ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්න එජාපයේ ස්ථාවරය යැයි එජාපයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය.
ඉදිරි මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු බවට කැබිනට් අනුමැතියක් ලැබී නැතැයි කී ඇමැති වරයා මැතිවරණ ක්‍රමය කඩිනමින් වෙනස් කිරීම ගැන සාකච්ඡා කළ බව ද පැවසීය.
ඊළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයක් යටතේ ද යන්න ගැන සුළු ජාතික පක්ෂ සමඟ ද සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එජාපය ජයග්‍රහණය කර සෙසු පක්ෂ සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
අපි කාට ඡන්දය දෙනවාදැයි නොදැන කල්තබාම මෙහෙම අනාවැකි කියන්නේ කොහොමද? (නි)
දින සියයෙන් ඡන්දයකට යාම වගේම බොහෝ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනා. අනිත් සියල්ල අමතක කරලා ඡන්දය පමණක් නැකතට තියන්න ඡන්දය දීපු ජනතාව ඉඩ දෙන්නේ නැහැ. අනික කොහොමද යු.එන්.පී රජයක් යටතේ සෙසු පක්ෂ එකතුවෙනවා කියලා අනාවැකි කියන්නේ. පොරොන්දු ඉටු නොකර හිටියොත් ඔබට වෙනවා වෙනත් පක්ෂයකට මුක්කු ගහන්න. එම නිසා ජනතා පොරොන්දු වලට මුල්තැන දෙන්න. (නදී)
ඔය කියන දින සියයේ වැඩ සටහන ඉදිරිපත් කලේ රනිල් මහත්තයවත් එක්සත් ජාතික පක්ෂයවත් නොවෙයි නේද? මට නම් මතක ඔය වැඩ සටහන ඉදිරිපත් කලේ මයිත්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපතිවරයා ලෙස පත් උනහම මුලින්ම ක්‍රියාත්මක කරන වැඩ සටහන ලෙසයි. (නදී)