චීන රජයේ විශේෂ නියෝජිත හා එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලියු සෙන්මින් සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර දේශපාලන,ආර්ථික, සංවර්ධන සහයෝගීතාව ආදී වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාශය කියයි.
මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීන රජයේ සහාය හා සහයෝගීතාවය ලබා දෙන බවත් චීන නියෝජිතයා ප‍්‍රකාශ කර සිටයේය.
ද්විපාර්ශවිකව හා බහුපාර්ශවික ලෙසින් චීනය මෙරටට ලබා දෙන සහාය පිළිබඳව අමාත්‍ය සමරවීර මහතා චීන රජයට ප‍්‍රශංසාව පළ කළේය. එසේම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත‍්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට නව රජය ගන්නා ක‍්‍රියාමාර්ග ගැන හෙතෙම චීන විශේෂ නියෝජිතවරයාට දැනුම්වත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේක චීනය යටත් විජිතයක් කියලා නේද පහුගිය කාලේ සමහරු උඩ පැන්නේ? (නි)