(හේමලතා ඩී හේවගේ)
පන්නල කොහොඹපොළ ප්‍රදේශයේ අරන්නාවත, හල්මිල්ලකොටුවත්ත වැලිමන්කඩ ආසන්නයේ පිහිටි මාඔය ඉවුරේ ගසක අත්තක රැඳී තිබුණු මළ සිරුරක් අද(23) සොයාගත් බව පන්නල පොලිසිය කියයි.
මෙම මළසිරුරේ දෑත් සිරුරෙන් ඉවත්කර තිබූ බවද, එම පුද්ගලයා මියගොස් දින කිහිපයක් ගතව ඇති බවද පොලිසිය කියයි.
මියගිය තැනැත්තා වයස අවුරුදු 25 ත් 30 ත් අතර පුද්ගලයෙකු බවට අනුමාන කරන බවත්, පොලීසිය ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.
මියගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැත.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න පිළිබඳව පොලීසිය සැක පළකර සිටියි.
කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් කැළුම් හෙට්ටිගේ මහතා පැමිණ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව කුලියාපිටිය අධිකරණ විශේඥ වෛද්‍ය නිලධාරිවරයා වෙත හෙට (24) ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසට නියෝග කළේය.
පන්නල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගසක රැඳී තිබූ මළ සිරුරක් පන්නලින් හමුවේ