එස් .ඩී .කොඩිකාර
අධික වර්ෂාවත් සමග දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයේ දී අද සවස ප දියදාව රක්ෂිතයේ තිබූ විශාල මාර ගසක් ඇතුළු තවත් ගස් කිහිපයක් සහ විදුලි කණු හතරක් මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් වාහන ගමනා ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දිගු වාහන පෝලිම් දක්නට ලැබුණි. විදුලි කණු හතර කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශයටම විදුලිය විසන්ධි වී තිබෙන අතර එක් විදුලි කණුවක් මාර්ගය අසල තිබූ ගරාජයක වහලට පතිත වීම හේතුවෙන් එම ගරාජය වහලට හානි වී ඇත .
පෙරදින ද මීට නුදුරු ස්ථානයක දී ගසක් ත්‍රීරෝද රියක් මතට කඩා වැටීමෙන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබා දහම රුදුරු වෙන්නනේ ඇයි කියන එක පුදුමයක් නොවෙයි අපේ පාලකයෝ හැසිරෙන විදිහ බැලුවම.