IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගංවතුර ආධාර ඉල්ලා විරෝධතාවක්

( ජයරත්න වික්‍රමාරච්චි )

ගංවතුරින් හානියට පත්වූ නිවාස සඳහා රජයෙන් ලබාදෙන ආධාර තමන්ට ද ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් කරුවලගස්වැව නීලබැම්ම ප්‍රදේශවාසීහු පිරිසක් අද(25) කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් කළහ.

ඉකුත් වසරේ මැයි මාසයේ දී ඇතිවූ ගංවතුරෙන් හානියට පත්වූ නිවාස සදහා රජයෙන් ගෙවනු ලබන මුදල් ආධාර ලබාදීම සඳහා සුදුස්සන් තොරා ගැනීමේදී තමන්ට අදාළ නිලධාරීන්ගෙන් අසාධාරණයක් සිදුවී ඇති බවද විරෝධතාකරුවෝ පැවසූහ.

මේ පිළිබදව නැවත සමීක්ෂණයක් සිදුකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

ඒ අනුව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක බාලසූරිය මහතා විරෝධතාකරුවන් සමග මෙහිදී සාකච්ඡාවක් සිදුකළ අතර එහිදී අනාවරණය වූ තොරතුරු මත නිවාස සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් නැවත සමීක්ෂණයක් සිදුකිරීමට ඇති වූ එකගතාවය මත විරෝධතාවය අවසන් කෙරිණි.



අදහස් (0)

ගංවතුර ආධාර ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site