ඩබ්ලිව්.ඒ. අසේල
 
ගලහ දෙල්තොට වත්තේ වතු කම්කරු නිවාස පෙළක අද  (30) ඇතිවූ ගින්නකින් නිවාස තුනකට දැඩි අලාභහානි සිදුවී ඇත. 

 
නිවාස වල තිබූ ගෘහභාණ්ඩ ඇදුම් පැලඳුම් ආදි සියල්ලම ගින්නට හසුවී ඇති අතර කිසිවෙකුටත් අනතුරුක් සිදුවී නොමැති බව පොලිසිය කියයි.
 
ගලහ පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමූ අතර ඉතා අබලන් තත්ත්වයේ පැවති මෙම නිවාස පේළිය පිළිබදව බලදාරීන් දැනුවත් කළද කිසිවෙකුත් විසදුමක් ලබා නොදුන් බව නිවාස වල ජීවත්වන කම්කරු ජනතාව කීය.