(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දැනට ඉදිවෙමින් පවතින මහල් 10කින් යුතු විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ.
එහි ඉදිකිරීම් කටයුතු කරනු ලබන සමාගමට ලැබිය යුතු හිඟ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙතෙක් නොගෙවීම හේතුවෙන් මෙම කටයුතු නතර කර දමා ඇතැයි පැවසේ.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු දිගින් දිගටම ප්‍රමාදවීම හේතුවෙන් එය ජනතා අයිතියට පැවරීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් දකුණේ වකුගඩු රෝගීන්ට එය ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඔවුහු පීඩා විඳිති.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා මෙසේ පැවසීය.
“මෙම ඒකකයේ ඉදිකිරීමේ කටයුතු කරන සමාගමට මුදල් වගයක් ගෙවීමට තිබෙනවා. ඒක ඇත්ත. මේ ගැන අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා. වහාම එම හිඟ මුදල් ගෙවන ලෙස ඔහු එම අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව තව සතියකින් දෙකකින් පමණ එම මුදල් ගෙවීමට හැකිවෙනවා.
කෙසේ වෙතත් මෙම වකුගඩු විශේෂිත ප්‍රතිකාර ඒකකයේ වැඩ කටයුතු තව මාස 3 කින් පමණ අවසන් කර ජනතා අයිතියට පැවරීමටයි අපි කල්පනා කරන්නේ. මෙම ඒකකයට අවශ්‍ය අනෙකුත් උපකරණ දැනටමත් මිලට අරගෙනයි තිබෙන්නේ” යැයිද ඒ මහතා කීය.

2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් නවතී