IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාල්ලේ ප්‍රාථමික රෝහල් නවීකරණයට පියවර

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ ලබන වසර තුළ අහංගම, අම්බලන්ගොඩ, කරන්දෙනිය, බද්දෙගම සහ බටපොල යන ප්‍රාදේශීය රෝහල්හි රෝහල් සත්කාර සේවා ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් සහ කඩිනම් සුහදශිලි සේවාලබාදීම සඳහා ඊට ගැලපෙන අයුරින් නවීකරණය  කිරීම සිදුකරන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසන්නේ ඊට අමතරව වසර 2020 – 2025 කාලය වන විට මෙම ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් 20 ක සහ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 24 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර එමගින් එම සෞඛ්‍ය ආයතන  වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙම සෞඛ්‍ය ආයතනයන්හි බාහිර රෝගී අංශ රෝගීන්ට ප්‍රිය මනාප හා ගුණාත්මක සේවාවක් සැලසෙන පරිදි වැඩි දියුණු කිරීම,හතිය වැනි ස්වසන රෝග උත්සන්න වීම, රිය අනතුරු ඇතුළු හදිසි රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට හදිසි ප්‍රතිකාර ඒකක සංවර්ධනය, රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

ගාල්ලේ ප්‍රාථමික රෝහල් නවීකරණයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31925 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14384 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11204 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 11 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 265 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1210 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site