(හර්ෂණ තුෂාර සිල්වා ගාල්ලේ සිට )
රුපියල් ලක්ෂ 2,131ක වියදමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක ඉදි කරන ලද නව ගොඩනැගිලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහමතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
අක්මීමන, හික්කඩුව, ගෝනාපීනුවල හ හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම නව ගොඩනැගිලි ඉදි කර තිබුණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම ගොඩනැගිලි ඉදි කර ඇත.
මෙම නව සිව්මහල් සහ තෙමහල් මෙම ගොඩනැගිලි සියල්ලක්ම නවීන ශ්‍රවණාගාරයකින් සමන්විත බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 458, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 683ක්, ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 510ක් සහ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 480ක් වියදම් කළ බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.





2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ ප්‍රා.ලේ.කා. හතරක නව ගොඩනැඟිලි ජනතා අයිතියට