(හර්ෂණ තුෂාර සිල්වා ගාල්ලේ සිට )
රුපියල් ලක්ෂ 2,131ක වියදමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක ඉදි කරන ලද නව ගොඩනැගිලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහමතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
අක්මීමන, හික්කඩුව, ගෝනාපීනුවල හ හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම නව ගොඩනැගිලි ඉදි කර තිබුණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම ගොඩනැගිලි ඉදි කර ඇත.
මෙම නව සිව්මහල් සහ තෙමහල් මෙම ගොඩනැගිලි සියල්ලක්ම නවීන ශ්‍රවණාගාරයකින් සමන්විත බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 458, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 683ක්, ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 510ක් සහ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට රුපියල් ලක්ෂ 480ක් වියදම් කළ බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd