(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු කඳවුරේ සිටින පිරිසෙන් වැඩිම පිරිස ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණවලින් යොමු කරන ලද පිරිස බවත් එනිසා ගාල්ල දිස්ත්‍රික්කයේද පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවිම සුදුසු බවත් අද(20) පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැසවිමේදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි රැස්විම පැවැත්විණි.
එහිදි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන යටතේ කරුණු පැහැදිලිකල දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනය වන පිරිසෙන් 1300කට අධික පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණවලින් යොමු කරන ලද පිරිස බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඇබ්බැහිවුවන් අතර ලොකු වෙනසක් තිබෙන බවත් පොලිසිය එය තේරුම් අරගෙන කටයුතු කළ බවත් පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ වැඩි පුරම මධ්‍යම පන්තියේ පවුල්වල දරුවන් බවත් මේ තත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේද මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවිය යුතු බවත් කියා සිටියේය.
ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන කන්දකාඩු කඳවුර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇත. සභාපති චන්දිම විරක්කොඩි මහතා කියා සිටියේ ඒ සඳහා සුදුසු ස්ථානයක් හඳුනගෙන දන්වන ලෙසය.මේ සඳහා පොලිසිය සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගාල්ලේ පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවන්නැයි යෝජනාවක්