(සුමතිපාල දීයගහගේ)
ගාල්ල කලුවැල්ල හිරගෙදර පාරේ පිහිටි උපකාරක පන්ති ගුරුවරයෙකුගේ නිවසේ සිටි සේවකයකු නිවසේ තිබු රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් වටිනා දේපොළ සොරකම්කර ගෙන ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙම සේවකයා නිවසේ නවත්වා උපකාරක පන්ති ගුරුවරයා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ සිංහල අවුරුද්ද නිමිත්තෙන් නුවරඑළිය විනෝද චාරිකාවක් ගොස් ඇති අතර ආපසු ඔවුන් පැමිණෙද්දී සේවකයා රන් ආභරණ සහ මුදල් කොල්ල රැගෙන පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සැකකරු නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd