
(රංජිත් රාජපක්ෂ)
හැටන් බොස්කෝ විදුහලේ කාලයක් තිස්සේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් අද (15) හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් සන්දේශයක් භාර දිමට පියවර ගත්හ.
හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ 1 වසර සිට 11 වසර දක්වා සිසුන් 123 දෙනෙකු අධ්‍යාපනය ලබන බවත්, එම සිසුන්ට ගණිතය, ඉංග්‍රිසි සහ විද්‍යාලව ඉගැන්විමට ගුරුවරුන් නොමැති විමෙන් තම දරුවන්ගේ අධ්‍යාපන තතත්වය ඉතා පහල මට්ටමක පවතින බව එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් කියා සිටියහ.
තවද එම විදුහලේ මෙතෙක් සේවය කල ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල වසා තිබු කාලය තුල ස්ථාන මාරුවිම් ලබාගෙන වෙනත් පාසල් වලට ගොස් ඇතත් ඒ සදහා අනුප්‍රාන්තික ගුරුවරුන් ලබා නොදිම තුල පාසලේ ගුරු හිගයක් පවතින බව ද දෙමව්පියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd