ප්‍රධාන පෙලේ ජාතික පාසල් පිහිටි ප්‍රදේශයක ඡන්ද නාමලේඛනයට නම ඇතුලත් කිරීමට රුපියල් හතලිස් දහසක් ඉල්ලා එයින් රුපියල් තිස්පන්දහසක් අල්ලස් වශයෙන් ලබාගැනීමට ගිය ග්‍රාම නිලාධාරීවරයකු අද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කළේය.
ගාල්ල ගල්වඩුගොඩ ග්‍රාම නිලධාරි වරයා අද (02) කලේගාන ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට පත්වී ඇති බවත් මෙම මස 12 වෙනිදා දක්වා ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබාදී ඇතිබවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයිනේ මෙයාල ලොකු හොරකමක් කරපු කෙනෙක් අල්ලලවගේ එතකොට ඔය බිලියන ගණන් හොරකන් අය ඔය දැලට අහුවෙන්නේ නැතිද ?